අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. අද බලමු ඇන්ඩ්රොයිඩ්ඩිවයිස් එකක් රූට් කරන හැටි...මම අද දෙන සොෆ්ට් එකෙන් ඇන්ඩ්රොයිඩ් 4න් 2000+වැඩි ප්‍රමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කරන්න පුලුවන්, මේක ගොඩාක් ෂුවර්ක්‍රමයක් ඒ නිසා කිසිදේකට බයවෙන්ඩ දෙයක් නෑ. තවත් එකක් ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තිබ්බ ඩයලොග් i35 / i43 / K35 ඇන්ඩ්රොයිඩ් 2.3 / 4.04 උනත් මේ සොෆ්ට් එකෙන්රූට් කරන්න පුලුවන්....
එහෙනම් වැඩේට බහිමු......
1. මුලින්ම ෆෝන් එකේ USB debugging ඔන් කරන්න ඔනේ..
Setting - Developer Option - USB debugging - එකේ Check mark එක on කරන්න.
( සමහර ෆොන් වල USB debugging තියෙන තැන වෙනස් වෙන්න පුලුවන්... එත් අනිවා මේකෆෝන් එකේ Setting වල තියනවා )
රූට් කරලා ඉවර වෙනකම් USB debugging ඔන් එකේ තියන්න... ඕෆ් කරන්න එපා....
2. මොන ක්‍රමේට රූට් කරත් ඔයාලට adb drivers ඉන්ස්ටොල් කරගන්න වෙනවා.
ඕනෙම ෆොන් එකකට adb drivers පහත සොෆ්ට් එකෙන් download කරගන්ඩකෝ...(8MB)

download උන සොෆ්ට් එක open කරගෙන install කියන එක ක්ලික් කරන්න. දැන් adb drivers install වෙනවා....adb drivers install වෙලා ඉවර උනාම Devices status “OK” කියලා පහත පරිදි දිස්වේ.
දැන් adb නම් ඉන්ස්ටොල් වෙලා ඉවරයි. ඒ නිසා සොෆ්ට් එක close කරලා දාන්න....
3. දැන් රූට් කිරිල්ලට යමු.....මේ රූට් Software එකේ නම තමයි VRoot_1.7.exe . සමහරක්අය මේක දන්නවත් ඇති. මෙතෙක් කල් ආපු රූට් කරන්න පුළුවන් Software වලින්ලේසිම මෙන්ම හොඳම සාර්ථකම ක්‍රමය. මේ Software එකේ බාෂාව කොරියන් වලින්ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ.
පහල තියෙන link එකෙන් ගිහින් සොෆට් එක download කරලම බලන්නකෝ එහෙනම්...(6MB)
download උන සොෆ්ට් එක install කරගන්න.
දැන් මේ සොෆ්ට් එක open කරගෙන ටික වෙලාවක් ඉද්දි ෆෝන් එක connect වෙනවා ... ඒ උනාමකොල පාට කොරියන් අකුරු කියන බටන් එක ක්ලික් කරන්න.
ඊට පස්සේ පහලින් ඇති රූපේ පෙන්නයි...
දැන් එහෙනම් Root කියන බටන් එක ක්ලික් කරන්න,
දැන් ඔයාලගේ 4න් එක, එක පාරක් Restart වෙයි, ඔන්න රූට් වෙලා ඉවරයි....
දැන් සොෆ්ට් එකේ මේ වාගේ හරියක් වැටිලා තියේනම් වැඩේ හරි....
දැන් සොෆ්ට් එක close කරලා දාන්න...
4. දැන් ෆෝන් එකේ මෙනු එක බලනකොට මෙන්න මේ පහතින් ඇති අයිකන් එකතියෙයි....

දැන් වැඩේ ඉවරයි......


0 comments:
Post a Comment